මෙම ලිපිය Dr. Glen Johnson ගේ TRAUMATIC BRAIN INJURY SURVIVAL GUIDE නම් ග්‍රන්තය ඇසුරෙන් සකස් කල ලිපියකි...
මිනිසාගේ මනස, නැතිනම් මොළය බරින් රාත්තල් 3 ක් පමණ වේ. එනම් කිලෝග්‍රෑම් 1.2 ක් පමණ වේ. එනමුත් එහි සංකීරණත්වය නම් සුළු කොට තැකිය හැකි නොවේ. මන්ද යත් මේ කුඩා කොටස තුල සෛල බිලියන 100කින් පමණ නිර්මාණය වු ජාලයක් පවතින නිසාය.
මෙම සංකීරණ බව නිසාම එහි ක්‍රියාකාරීත්වය අවබෝධ කරගැනීම පහසු නොවිය හැක. නමුත් එය අවබෝධ කරගැනීමෙන් අපට ලැබිය හැකි ප්‍රයෝජනය සුළුපටු නොවන බැවින් එය අවබෝධ කරගැනීමට යම් උත්සාහයක් දරමු.
අපි සරළ උදාහරණයක් ගෙන බලමු. මුළු ලෝකය පුරාම විහිදිලා තියෙන දුරකතන ජාලය සළකමු (දැනට ලොව දුරකතන ජාලය බිලියන 400කින් පමණ සමන්විත වේ). ඉතින් මේ ජාලය තුල එක් දිනයක් තුල ට්‍රිලියන ගණනින් හුවමාරු වන කෙටි පණිවිඩ ප්‍රමාණය, කොතරම් විශාලද? සංකීරණද? එහෙත් මෙම ප්‍රමාණයත් මිනිස් මොළයෙහි ක්‍රියකාරකම් ප්‍රමාණයට වඩා කුඩා වේ. ඉතින් අප මනස කොතරම් ක්‍රියාකාරී වේද? කොතරම් සංකීරණ වේද?
මේ ලොව පුරා පැතිරුන දුරකතන ජාලයෙන් අප ශ්‍රි ලංකාව තුල ජාලය පමණක් යම් හෙයකින් බිඳ වැටුනොත්! නැවත එය ක්‍රියාත්මක කිරීමට කොතරම් කාලයක් ගත වෙයිද? දිනයක්, මාසයක්, නැත්නම් අවුරුදු ගනනක්. ඔබ හිතනවනම් අවුරුදු ගනනක් කියල ඔබට අවබෝධ වෙනව ඇති මනසෙහි යම් කොටසක් අක්‍රිය වූ පුද්ගලයෙකුට එම කොටස නැවත යතා තත්වයට පත්කිරීමට ගතවන කාලය.
ඉතින් මේ විදියට අපේ ලංකාවෙ විතරක් දුරකතන ජාලය අක්‍රිය වෙලා තියෙන කොට කොහොම තියෙයිද? හරියට මනසෙහි යම් කොටසක් පමණක් අක්‍රිය වුන පුද්ගලයෙක් වගේ..
ඉතින් යම් කොටසක් අක්‍රිය වුනාම එම කොටස නැවත ක්‍රියාකාරී වෙනකම් අනිත් කොටස් සාමන්‍ය ලෙස ක්‍රියාත්මක වෙනවා. නැවත සියලු කොටස් නිසි පරිදි ජාලයට සම්බන්ද වෙනකම්.
ඉතින් කොහොමද මෙච්චර සංකීරණ ක්‍රියාකාරීත්වයක් සකස් වෙලා තියෙන්නෙ? මොනවයින්ද මේ අපේ මනස සකස් වෙලා තියෙන්නෙ?
ඊලඟ ලිපියෙන් හමුවෙමු..