ඇරඹුමක්........
මනසෙහි ක්‍රියාකාරීත්වය..
අපි බලමු කොහොමද මේ අපේ මනස සකස් වෙලා තියෙන්නේ කියලා. මොලයෙහි තැනුම් ඒකකය වශයෙන් අද සලකන්නේ නියුරෝනය(neuron ) කියන ඒකකය. ඒක පහත තියෙන පිංතූරයේ දැක්වෙන ස්වරූපයක් තියෙන්වා කියලා තමා සලකන්නේ.
![]() |
Source:TRAUMATIC BRAIN INJURY SURVIVAL GUIDE |
මෙම නියුරෝනය සෛල දේහයකින්(Cell Body) හා අක්සනයකින්(Axon) සමන්විත වෙනවා. මෙම අක්සනයෙහි කෙලවරින් යම්කිසි රසායනික ද්‍රව්‍යයක් නිකුත් කිරීමේ හැකියාවක් මෙම සෛල වර්ගයට පවතිනවා. ඉතින් මේ නිකුත් කරන රසායනික ද්‍රව්‍යය මගින් තමා මෙම නියුරෝන අතර සන්නිවේදනය සිදුවෙන්නේ. මෙම එක් නියුරෝනයක අක්සනයක් තවත් නියුරෝනයක හිසක් සමග ආසන්නව තමා පිහිටන්නේ. එවිට යම් නියුරෝනයකට තම අක්සනය මගින් තවත් නියුරෝනයක හිසට කුඩා හිඩසක්(synapse) තුලින් අර රසායන ද්‍රව්‍ය ගමන් කරවීමේ හැකියාවක් පවතිනවා. එමගින් මෙම නියුරෝන දෙකක් අතර යම් පණිවිඩයක් හුවමාරු කිරීමට හැකිවෙනවා.
![]() |
Source : http://jampad.net |
මෙලෙසින් වෛද්‍ය වරුන්ට හැකිවෙලා තියෙනවා මෙම විද්‍යුත් ශක්තියන් මැනීමෙන් එම මොලයේ තත්වය, එනම් එම මොලය ක්‍රියාත්මක වන ආකාරය පිලිබඳ යම් තොරතුරු අනාවරණය කරගන්න. මෙම විද්‍යුත් ක්‍රියාකාරකම් වල මිනුම් සිදුකරන එක් උපකරණයක් තමයි EEG (electroencephalograph) කියන යන්ත්‍රය.
මෙලෙසින් මොලෙයෙහි තිබෙන සෑම නියුරෝනයක්ම ඊට ආසන්න අනෙක් නියුරෝන වලට අවශ්‍ය පණිවිඩ හුවමාරු කරනවා මේ රසායන ද්‍රව්‍යයක් නිකුත් කිරීම මගින්. ඒ වගේම විවිද නියුරෝන වර්ග විවිද වර්ගයේ රසායන ද්‍රව්‍ය තමා නිකුත් කරන්නේ. මෙම රසායන ද්‍රව්‍ය වලට සම්ප්‍රේෂක(transmitters) කියලත් කියනවා. ඉතින් මේ සම්ප්‍රේෂක වර්ග බොහොමයක් දැනට සොයාගෙන තියෙනවා. එනම් epinephrine, norepinephrine, or dopamine වැනි ඒවා.
ඉතින් අපේ මොලය සම්ප්‍රේෂක බොහොමයකින් තනුන දුරකතන ජාලයක්(phone system) වැනිද? එහෙමත් නැත්නම් ON, OFFස්විච භාවිතා කරන පරිගනකය වැනිද? මේ පිලිබඳ විස්තර අපි ඊලඟ ලිපියෙන් බලමු.