Pages

Wednesday, September 5, 2012

මනස පරිගනක ජාලයක් වැනිය

මුලින්ම කියන්න කැමතියි මේ ලිපිය ලිපිපෙලක පලවෙන හතරවෙනි ලිපිය. ඒකනිසා මුල අනිත් ලිපි තුන ප්‍රථමයේ කියෙවීම තමා සුදුසු. ඒ ලිපි තුන කියවලා නැතිනම් මුලින්ම ඒවා කියන්වන්න

ඇරඹුමක්........
මනසෙහි ක්‍රියාකාරීත්වය.. 
මනසෙහි සැකසුම...

අපි මෙතෙක් ලිපි වලින් කතා කරපු විදියට මොළය කියන්නෙ හරියට පරිගනකයක් වගේ. අපි බලමු අපි මේ මොළය දිහා බලපු විදිය හරියටම හරිද කියලා. මුලින්ම අපි හැමෝම දන්න උදාහරණයක් සලකමු. අපි හැමෝම දන්නවනෙ වේදිකාවක පවත්වන සංගීත කාණ්ඩ ගැන.
source:wikipedia
ඒ කියන්නෙ ඔය විවිද වර්ග වල සංගීත භාණ්ඩ උපයෝගී කරගෙන ඉතාමත් ලස්සනට එක එක සංගීත රටා මවන්නේ. ඒක මෙහෙයවන්නේ තමා ප්‍රධානවම මේ සංගීත කණ්ඩායම මෙහෙයවන්නේ. ඔහුගේ මෙහෙයවීමට අදාලව සියලුම වර්ග වල සංගීත වාදකයින් තමන්ට නියමිත භාණ්ඩය වයනවා.
source :http://performingarts.georgetown.edu
මෙහිදී අපි සලකමු වයලීන වාදකයන් ගැන. අපි හිතමු ඔවුන් හරියට පුහුණුවෙලා හිටියෙ නෑ කියලා මේ සංගීතයට. එම නිසා අනිත් කණ්ඩායම් වලට වඩා අඩු වේගයකින් ඔවුන් වාදනය කරනවා නම් සිදුවෙන්නේ මොකක්ද? මුල සංගීත ප්‍රසංගයම අවුල් වෙනවා නේද? ඉතින් මේ සංගීතයට සහභාගී වෙන කොටස් කීපයෙන් එක කොටසක් හරි හරියට ක්‍රියාත්මක නොවුනොත් මුලු සංගීතයම ඉවරයි. මේ වගේම තමා අපේ මොළයත්. මේකත් සකස් වෙලා තියෙන්නෙ විවිද වර්ගයේ කොටස් කීපයක එකතුවක් විදියට. ඉතින් මේ කොටස් එකක් හරි නිසියාකාරව ක්‍රියාත්මක නොවුනහොත් මුලු මොළයෙහිම ක්‍රියාකාරීත්වයට ලොකු බාධාවක් වෙන්වා ඒක.

source : www.contrib.andrew.cmu.edu
අපි මුලින්ම සැලකුවානේ අපේ මොළය හරියට පරිගනකයක් වගේ කියලා. ඔව් ඒක ඇත්ත. නමුත් එක් පරිගනකයකට සමාන කරන්න නම් අපහසුයි. හරියට විවිද කාර්යයන් කීපයකට වෙන වෙනම සකස් වෙල එකිනෙකට සම්බන්ද කරපු පරිගනක කීපයක් වගේ. ඉතින් මේ එක් කොටසක් හරි නිසියාකාරව ක්‍රියාත්මක නොවුනහොත් සමහර විට ඒ කොටස පමණක් අක්‍රීය වෙන්න පුලුවන්. එහෙමත් නැතිනම් මුලු මොලයම හෝ කොටස් කීපයක් හෝ අක්‍රීය වෙන්නත් පුලුවන්.





ඉතින් දැන් අපි දන්නවා අපේ මේ මනස එහෙමත් නැතිනම් මොළය කියන්නෙ එකිනෙකට සම්බන්ද උන කොටස් කීපයක එකතුවක් කියල. ඉතින් මේක හරියට ජාලයක් වගේ. මේ ජාලය තුල සම්ප්‍රේෂනය නම් ඉතාමත් පහසුවෙන් සිදු වෙන බව අපි දැනටමත් දන්නව. එහෙනම් අපි බලමු කොහොමද මේ ජාලය එහෙමත් නැතිනම් අපේ මේ මොළය කොහොමද පිටතට සම්බන්ඳ වෙන්නේ කියලා අපගේ ඊලඟ ලිපිය තුලින්.

Sunday, July 8, 2012

මනසෙහි සැකසුම

මුලින්ම කියන්න කැමතියි මේ ලිපිය ලිපිපෙලක පලවෙන තුන්වෙනි ලිපිය. ඒකනිසා මුල අනිත් ලිපි දෙක ප්‍රථමයේ කියෙවීම තමා සුදුසු. ඒ ලිපි දෙක කියවලා නැතිනම් මුලින්ම ඒවා කියන්වන්න

ඇරඹුමක්........
මනසෙහි ක්‍රියාකාරීත්වය..

අපි බලමු කොහොමද මේ අපේ මනස සකස් වෙලා තියෙන්නේ කියලා. මොලයෙහි තැනුම් ඒකකය වශයෙන් අද සලකන්නේ නියුරෝනය(neuron ) කියන ඒකකය. ඒක පහත තියෙන පිංතූරයේ දැක්වෙන ස්වරූපයක් තියෙන්වා කියලා තමා සලකන්නේ.
Source:TRAUMATIC BRAIN INJURY SURVIVAL GUIDE
මේ නියුරෝනය සාමාන්‍ය මෙහෙයුම් ස්විචයක්(switch) වගේ. සාමාන්‍ය නිවසක භාවිතා කරන විදුලි බුබුලක් දැල්වීමට හා නිවීමට භාවිතා කරන ස්විචයක් වගේ. එහි තියෙන්නෙ අවස්ථා දෙකක්. එනම් ක්‍රියාත්මක (ON) අවස්ථාව, හා අක්‍රීය (OFF) අවස්ථාව.
මෙම නියුරෝනය සෛල දේහයකින්(Cell Body) හා අක්සනයකින්(Axon) සමන්විත වෙනවා. මෙම අක්සනයෙහි කෙලවරින් යම්කිසි රසායනික ද්‍රව්‍යයක් නිකුත් කිරීමේ හැකියාවක් මෙම සෛල වර්ගයට පවතිනවා. ඉතින් මේ නිකුත් කරන රසායනික ද්‍රව්‍යය මගින් තමා මෙම නියුරෝන අතර සන්නිවේදනය සිදුවෙන්නේ. මෙම එක් නියුරෝනයක අක්සනයක් තවත් නියුරෝනයක හිසක් සමග ආසන්නව තමා පිහිටන්නේ. එවිට යම් නියුරෝනයකට තම අක්සනය මගින් තවත් නියුරෝනයක හිසට කුඩා හිඩසක්(synapse) තුලින් අර රසායන ද්‍රව්‍ය ගමන් කරවීමේ හැකියාවක් පවතිනවා. එමගින් මෙම නියුරෝන දෙකක් අතර යම් පණිවිඩයක් හුවමාරු කිරීමට හැකිවෙනවා.
Source : http://jampad.net
ඉතින් මෙවැනි නියුරෝන බිලියන ගනනක් අපගේ මොලය තුල පවතිනවා. මේ නියුරෝන මගින් යම් විද්‍යුත් ශක්තියක් මොලය තුල නිෂපාදනය කරනවා. මෙම නිපදවන විද්‍යුත් ශක්තිය ආසන්න වශයෙන් වොට් 60ක බල්බයකින්(60W bulb) නිපදවන ශක්තියට සමාන වෙන බවට තොරතුරු සොයාගෙන තියෙනවා.
මෙලෙසින් වෛද්‍ය වරුන්ට හැකිවෙලා තියෙනවා මෙම විද්‍යුත් ශක්තියන් මැනීමෙන් එම මොලයේ තත්වය, එනම් එම මොලය ක්‍රියාත්මක වන ආකාරය පිලිබඳ යම් තොරතුරු අනාවරණය කරගන්න. මෙම විද්‍යුත් ක්‍රියාකාරකම් වල මිනුම් සිදුකරන එක් උපකරණයක් තමයි EEG (electroencephalograph) කියන යන්ත්‍රය.
මෙලෙසින් මොලෙයෙහි තිබෙන සෑම නියුරෝනයක්ම ඊට ආසන්න අනෙක් නියුරෝන වලට අවශ්‍ය පණිවිඩ හුවමාරු කරනවා මේ රසායන ද්‍රව්‍යයක් නිකුත් කිරීම මගින්. ඒ වගේම විවිද නියුරෝන වර්ග විවිද වර්ගයේ රසායන ද්‍රව්‍ය තමා නිකුත් කරන්නේ. මෙම රසායන ද්‍රව්‍ය වලට සම්ප්‍රේෂක(transmitters) කියලත් කියනවා. ඉතින් මේ සම්ප්‍රේෂක වර්ග බොහොමයක් දැනට සොයාගෙන තියෙනවා. එනම් epinephrine, norepinephrine, or dopamine වැනි ඒවා.
ඉතින් අපේ මොලය සම්ප්‍රේෂක බොහොමයකින් තනුන දුරකතන ජාලයක්(phone system) වැනිද? එහෙමත් නැත්නම් ON, OFFස්විච භාවිතා කරන පරිගනකය වැනිද? මේ පිලිබඳ විස්තර අපි ඊලඟ ලිපියෙන් බලමු.

Saturday, July 16, 2011

මනසෙහි ක්‍රියාකාරීත්වය..

මෙම ලිපිය Dr. Glen Johnson ගේ TRAUMATIC BRAIN INJURY SURVIVAL GUIDE නම් ග්‍රන්තය ඇසුරෙන් සකස් කල ලිපියකි...

මිනිසාගේ මනස, නැතිනම් මොළය බරින් රාත්තල් 3 ක් පමණ වේ. එනම් කිලෝග්‍රෑම් 1.2 ක් පමණ වේ. එනමුත් එහි සංකීරණත්වය නම් සුළු කොට තැකිය හැකි නොවේ. මන්ද යත් මේ කුඩා කොටස තුල සෛල බිලියන 100කින් පමණ නිර්මාණය වු ජාලයක් පවතින නිසාය.
මෙම සංකීරණ බව නිසාම එහි ක්‍රියාකාරීත්වය අවබෝධ කරගැනීම පහසු නොවිය හැක. නමුත් එය අවබෝධ කරගැනීමෙන් අපට ලැබිය හැකි ප්‍රයෝජනය සුළුපටු නොවන බැවින් එය අවබෝධ කරගැනීමට යම් උත්සාහයක් දරමු.
අපි සරළ උදාහරණයක් ගෙන බලමු. මුළු ලෝකය පුරාම විහිදිලා තියෙන දුරකතන ජාලය සළකමු (දැනට ලොව දුරකතන ජාලය බිලියන 400කින් පමණ සමන්විත වේ). ඉතින් මේ ජාලය තුල එක් දිනයක් තුල ට්‍රිලියන ගණනින් හුවමාරු වන කෙටි පණිවිඩ ප්‍රමාණය, කොතරම් විශාලද? සංකීරණද? එහෙත් මෙම ප්‍රමාණයත් මිනිස් මොළයෙහි ක්‍රියකාරකම් ප්‍රමාණයට වඩා කුඩා වේ. ඉතින් අප මනස කොතරම් ක්‍රියාකාරී වේද? කොතරම් සංකීරණ වේද?
මේ ලොව පුරා පැතිරුන දුරකතන ජාලයෙන් අප ශ්‍රි ලංකාව තුල ජාලය පමණක් යම් හෙයකින් බිඳ වැටුනොත්! නැවත එය ක්‍රියාත්මක කිරීමට කොතරම් කාලයක් ගත වෙයිද? දිනයක්, මාසයක්, නැත්නම් අවුරුදු ගනනක්. ඔබ හිතනවනම් අවුරුදු ගනනක් කියල ඔබට අවබෝධ වෙනව ඇති මනසෙහි යම් කොටසක් අක්‍රිය වූ පුද්ගලයෙකුට එම කොටස නැවත යතා තත්වයට පත්කිරීමට ගතවන කාලය.
ඉතින් මේ විදියට අපේ ලංකාවෙ විතරක් දුරකතන ජාලය අක්‍රිය වෙලා තියෙන කොට කොහොම තියෙයිද? හරියට මනසෙහි යම් කොටසක් පමණක් අක්‍රිය වුන පුද්ගලයෙක් වගේ..
ඉතින් යම් කොටසක් අක්‍රිය වුනාම එම කොටස නැවත ක්‍රියාකාරී වෙනකම් අනිත් කොටස් සාමන්‍ය ලෙස ක්‍රියාත්මක වෙනවා. නැවත සියලු කොටස් නිසි පරිදි ජාලයට සම්බන්ද වෙනකම්.

ඉතින් කොහොමද මෙච්චර සංකීරණ ක්‍රියාකාරීත්වයක් සකස් වෙලා තියෙන්නෙ? මොනවයින්ද මේ අපේ මනස සකස් වෙලා තියෙන්නෙ?

ඊලඟ ලිපියෙන් හමුවෙමු..

Saturday, May 21, 2011

ඇරඹුමක්........

අපිට පුලුවන් නම් හැමදාම සතුටින් ඉන්න. කිසිම ලෙඩක් දුකක් නැතුව නිරෝගී වෙන්න. හිතන හැමදේම කරන්න පුලුවන් නම්. ජීවිතේ කොච්චර ලස්සන වෙයිද? ජීවිතේ කොච්චර සාර්ථක වෙයිද නේ?
අපිට පුලුවන් ඒ දේ කරන්න. අපිට පුලුවන් අපිට අවශ්‍ය ඕනම දෙයක් කරන්න.අවශ්‍ය හැමදෙයක් ම කරන්න.
හිතන්න,, අපිට යමක් දකින්න පුලුවන් වෙන්නෙ අපිට ඇසක් තිබුනොත් විතරමද? අපිට ඇසක් තිබුනොත්, යමක් දකින්න ඒ දේ ප්‍රමාණවත් ද? හිතල බලන්න. අපිට ඇස නැති උනොත් මොනවහරි දකින්න පුලුවන් වෙයි ද කියල.
ඔව්...පුලුවන්..ඇයි අපි හැමදාම වගේ දකින සිහින...සිහින දකින්න ඇසක් ඕනද? අන්ද අය සිහින දකින්නෙ නැද්ද?
හැබැයි අපිට මනසක් තිබුනෙ නැතිනම්. ඇස් සීයක් තිබුනත් වැඩක් වෙයිද? නැහැ නේද? ඉතින් අපි මේ දකින හැම දෙයක්ම දකින්නෙ මනසින් නෙමේද? ඉතින් එහෙනම් අපි අපේ මනස අපිට ඕන විදියට පාලනය කලොත්! අපිට ඕන දේ දකින්නත් පුලුවන් වෙයි නේද?
මිනිසා ලොව බුද්ධිමත්ම සත්වයා ලෙස සලකනව. අද වන විට මිනිසාට අන් සියලු සතුන් කරන දේ අනුකරණය කරන්න පුලුවන්. මේ සියලු දේ අද විද්‍යාව මත පදනම් වෙලා තියෙනවා. නමුත් විද්‍යාව කියන්නෙ මොකද්ද? විද්‍යාව කියන්නෙ මිනිසා විසින් කල සොයගැනීම් වල එකතුවක්. එහෙම නැත්නම් නිර්මාණ වල එකතුවක්. මේ සියල්ල කරන්න මිනිසාට පුලුවන් උනේ කොහොමද?
බුද්ධිය...මිනිසා තම කල්පනා ශක්තිය මෙහෙයවල, එහෙම නැත්නම් තර්ක ශක්තිය හා හැකියාව මෙහෙයවල කරපු දේවල්.
එතකොට අද වෙනකොට මුලු ලෝකෙම රඳා පවතින විද්‍යාව බුද්ධියේ, එහෙම නැත්නම් මනසෙ ප්‍රතිඵලයක් නේද? ඒ කියන්නෙ ඒ දේටත් ප්‍රධාන වෙලා තියෙන්නෙ අපේ මේ මනස මයි නේද?
එහෙනම් අපි මේ මනස ගැන ටිකක් හොයල බලමු.
ඊළඟ ලිපියෙන් හමුවෙමු...