Pages

Wednesday, September 5, 2012

මනස පරිගනක ජාලයක් වැනිය

මුලින්ම කියන්න කැමතියි මේ ලිපිය ලිපිපෙලක පලවෙන හතරවෙනි ලිපිය. ඒකනිසා මුල අනිත් ලිපි තුන ප්‍රථමයේ කියෙවීම තමා සුදුසු. ඒ ලිපි තුන කියවලා නැතිනම් මුලින්ම ඒවා කියන්වන්න

ඇරඹුමක්........
මනසෙහි ක්‍රියාකාරීත්වය.. 
මනසෙහි සැකසුම...

අපි මෙතෙක් ලිපි වලින් කතා කරපු විදියට මොළය කියන්නෙ හරියට පරිගනකයක් වගේ. අපි බලමු අපි මේ මොළය දිහා බලපු විදිය හරියටම හරිද කියලා. මුලින්ම අපි හැමෝම දන්න උදාහරණයක් සලකමු. අපි හැමෝම දන්නවනෙ වේදිකාවක පවත්වන සංගීත කාණ්ඩ ගැන.
source:wikipedia
ඒ කියන්නෙ ඔය විවිද වර්ග වල සංගීත භාණ්ඩ උපයෝගී කරගෙන ඉතාමත් ලස්සනට එක එක සංගීත රටා මවන්නේ. ඒක මෙහෙයවන්නේ තමා ප්‍රධානවම මේ සංගීත කණ්ඩායම මෙහෙයවන්නේ. ඔහුගේ මෙහෙයවීමට අදාලව සියලුම වර්ග වල සංගීත වාදකයින් තමන්ට නියමිත භාණ්ඩය වයනවා.
source :http://performingarts.georgetown.edu
මෙහිදී අපි සලකමු වයලීන වාදකයන් ගැන. අපි හිතමු ඔවුන් හරියට පුහුණුවෙලා හිටියෙ නෑ කියලා මේ සංගීතයට. එම නිසා අනිත් කණ්ඩායම් වලට වඩා අඩු වේගයකින් ඔවුන් වාදනය කරනවා නම් සිදුවෙන්නේ මොකක්ද? මුල සංගීත ප්‍රසංගයම අවුල් වෙනවා නේද? ඉතින් මේ සංගීතයට සහභාගී වෙන කොටස් කීපයෙන් එක කොටසක් හරි හරියට ක්‍රියාත්මක නොවුනොත් මුලු සංගීතයම ඉවරයි. මේ වගේම තමා අපේ මොළයත්. මේකත් සකස් වෙලා තියෙන්නෙ විවිද වර්ගයේ කොටස් කීපයක එකතුවක් විදියට. ඉතින් මේ කොටස් එකක් හරි නිසියාකාරව ක්‍රියාත්මක නොවුනහොත් මුලු මොළයෙහිම ක්‍රියාකාරීත්වයට ලොකු බාධාවක් වෙන්වා ඒක.

source : www.contrib.andrew.cmu.edu
අපි මුලින්ම සැලකුවානේ අපේ මොළය හරියට පරිගනකයක් වගේ කියලා. ඔව් ඒක ඇත්ත. නමුත් එක් පරිගනකයකට සමාන කරන්න නම් අපහසුයි. හරියට විවිද කාර්යයන් කීපයකට වෙන වෙනම සකස් වෙල එකිනෙකට සම්බන්ද කරපු පරිගනක කීපයක් වගේ. ඉතින් මේ එක් කොටසක් හරි නිසියාකාරව ක්‍රියාත්මක නොවුනහොත් සමහර විට ඒ කොටස පමණක් අක්‍රීය වෙන්න පුලුවන්. එහෙමත් නැතිනම් මුලු මොලයම හෝ කොටස් කීපයක් හෝ අක්‍රීය වෙන්නත් පුලුවන්.





ඉතින් දැන් අපි දන්නවා අපේ මේ මනස එහෙමත් නැතිනම් මොළය කියන්නෙ එකිනෙකට සම්බන්ද උන කොටස් කීපයක එකතුවක් කියල. ඉතින් මේක හරියට ජාලයක් වගේ. මේ ජාලය තුල සම්ප්‍රේෂනය නම් ඉතාමත් පහසුවෙන් සිදු වෙන බව අපි දැනටමත් දන්නව. එහෙනම් අපි බලමු කොහොමද මේ ජාලය එහෙමත් නැතිනම් අපේ මේ මොළය කොහොමද පිටතට සම්බන්ඳ වෙන්නේ කියලා අපගේ ඊලඟ ලිපිය තුලින්.

Sunday, July 8, 2012

මනසෙහි සැකසුම

මුලින්ම කියන්න කැමතියි මේ ලිපිය ලිපිපෙලක පලවෙන තුන්වෙනි ලිපිය. ඒකනිසා මුල අනිත් ලිපි දෙක ප්‍රථමයේ කියෙවීම තමා සුදුසු. ඒ ලිපි දෙක කියවලා නැතිනම් මුලින්ම ඒවා කියන්වන්න

ඇරඹුමක්........
මනසෙහි ක්‍රියාකාරීත්වය..

අපි බලමු කොහොමද මේ අපේ මනස සකස් වෙලා තියෙන්නේ කියලා. මොලයෙහි තැනුම් ඒකකය වශයෙන් අද සලකන්නේ නියුරෝනය(neuron ) කියන ඒකකය. ඒක පහත තියෙන පිංතූරයේ දැක්වෙන ස්වරූපයක් තියෙන්වා කියලා තමා සලකන්නේ.
Source:TRAUMATIC BRAIN INJURY SURVIVAL GUIDE
මේ නියුරෝනය සාමාන්‍ය මෙහෙයුම් ස්විචයක්(switch) වගේ. සාමාන්‍ය නිවසක භාවිතා කරන විදුලි බුබුලක් දැල්වීමට හා නිවීමට භාවිතා කරන ස්විචයක් වගේ. එහි තියෙන්නෙ අවස්ථා දෙකක්. එනම් ක්‍රියාත්මක (ON) අවස්ථාව, හා අක්‍රීය (OFF) අවස්ථාව.
මෙම නියුරෝනය සෛල දේහයකින්(Cell Body) හා අක්සනයකින්(Axon) සමන්විත වෙනවා. මෙම අක්සනයෙහි කෙලවරින් යම්කිසි රසායනික ද්‍රව්‍යයක් නිකුත් කිරීමේ හැකියාවක් මෙම සෛල වර්ගයට පවතිනවා. ඉතින් මේ නිකුත් කරන රසායනික ද්‍රව්‍යය මගින් තමා මෙම නියුරෝන අතර සන්නිවේදනය සිදුවෙන්නේ. මෙම එක් නියුරෝනයක අක්සනයක් තවත් නියුරෝනයක හිසක් සමග ආසන්නව තමා පිහිටන්නේ. එවිට යම් නියුරෝනයකට තම අක්සනය මගින් තවත් නියුරෝනයක හිසට කුඩා හිඩසක්(synapse) තුලින් අර රසායන ද්‍රව්‍ය ගමන් කරවීමේ හැකියාවක් පවතිනවා. එමගින් මෙම නියුරෝන දෙකක් අතර යම් පණිවිඩයක් හුවමාරු කිරීමට හැකිවෙනවා.
Source : http://jampad.net
ඉතින් මෙවැනි නියුරෝන බිලියන ගනනක් අපගේ මොලය තුල පවතිනවා. මේ නියුරෝන මගින් යම් විද්‍යුත් ශක්තියක් මොලය තුල නිෂපාදනය කරනවා. මෙම නිපදවන විද්‍යුත් ශක්තිය ආසන්න වශයෙන් වොට් 60ක බල්බයකින්(60W bulb) නිපදවන ශක්තියට සමාන වෙන බවට තොරතුරු සොයාගෙන තියෙනවා.
මෙලෙසින් වෛද්‍ය වරුන්ට හැකිවෙලා තියෙනවා මෙම විද්‍යුත් ශක්තියන් මැනීමෙන් එම මොලයේ තත්වය, එනම් එම මොලය ක්‍රියාත්මක වන ආකාරය පිලිබඳ යම් තොරතුරු අනාවරණය කරගන්න. මෙම විද්‍යුත් ක්‍රියාකාරකම් වල මිනුම් සිදුකරන එක් උපකරණයක් තමයි EEG (electroencephalograph) කියන යන්ත්‍රය.
මෙලෙසින් මොලෙයෙහි තිබෙන සෑම නියුරෝනයක්ම ඊට ආසන්න අනෙක් නියුරෝන වලට අවශ්‍ය පණිවිඩ හුවමාරු කරනවා මේ රසායන ද්‍රව්‍යයක් නිකුත් කිරීම මගින්. ඒ වගේම විවිද නියුරෝන වර්ග විවිද වර්ගයේ රසායන ද්‍රව්‍ය තමා නිකුත් කරන්නේ. මෙම රසායන ද්‍රව්‍ය වලට සම්ප්‍රේෂක(transmitters) කියලත් කියනවා. ඉතින් මේ සම්ප්‍රේෂක වර්ග බොහොමයක් දැනට සොයාගෙන තියෙනවා. එනම් epinephrine, norepinephrine, or dopamine වැනි ඒවා.
ඉතින් අපේ මොලය සම්ප්‍රේෂක බොහොමයකින් තනුන දුරකතන ජාලයක්(phone system) වැනිද? එහෙමත් නැත්නම් ON, OFFස්විච භාවිතා කරන පරිගනකය වැනිද? මේ පිලිබඳ විස්තර අපි ඊලඟ ලිපියෙන් බලමු.