මුලින්ම කියන්න කැමතියි මේ ලිපිය ලිපිපෙලක පලවෙන හතරවෙනි ලිපිය. ඒකනිසා
මුල අනිත් ලිපි තුන ප්‍රථමයේ කියෙවීම තමා සුදුසු. ඒ ලිපි තුන කියවලා
නැතිනම් මුලින්ම ඒවා කියන්වන්න
ඇරඹුමක්........
මනසෙහි ක්‍රියාකාරීත්වය..
මනසෙහි සැකසුම...
අපි මෙතෙක් ලිපි වලින් කතා කරපු විදියට මොළය කියන්නෙ හරියට පරිගනකයක් වගේ. අපි බලමු අපි මේ මොළය දිහා බලපු විදිය හරියටම හරිද කියලා. මුලින්ම අපි හැමෝම දන්න උදාහරණයක් සලකමු. අපි හැමෝම දන්නවනෙ වේදිකාවක පවත්වන සංගීත කාණ්ඩ ගැන.
 |
source:wikipedia |
ඒ කියන්නෙ ඔය විවිද වර්ග වල සංගීත භාණ්ඩ උපයෝගී කරගෙන ඉතාමත් ලස්සනට එක එක සංගීත රටා මවන්නේ. ඒක මෙහෙයවන්නේ තමා ප්‍රධානවම මේ සංගීත කණ්ඩායම මෙහෙයවන්නේ. ඔහුගේ මෙහෙයවීමට අදාලව සියලුම වර්ග වල සංගීත වාදකයින් තමන්ට නියමිත භාණ්ඩය වයනවා.
 |
source :http://performingarts.georgetown.edu |
මෙහිදී අපි සලකමු වයලීන වාදකයන් ගැන. අපි හිතමු ඔවුන් හරියට පුහුණුවෙලා හිටියෙ නෑ කියලා මේ සංගීතයට. එම නිසා අනිත් කණ්ඩායම් වලට වඩා අඩු වේගයකින් ඔවුන් වාදනය කරනවා නම් සිදුවෙන්නේ මොකක්ද? මුල සංගීත ප්‍රසංගයම අවුල් වෙනවා නේද? ඉතින් මේ සංගීතයට සහභාගී වෙන කොටස් කීපයෙන් එක කොටසක් හරි හරියට ක්‍රියාත්මක නොවුනොත් මුලු සංගීතයම ඉවරයි. මේ වගේම තමා අපේ මොළයත්. මේකත් සකස් වෙලා තියෙන්නෙ විවිද වර්ගයේ කොටස් කීපයක එකතුවක් විදියට. ඉතින් මේ කොටස් එකක් හරි නිසියාකාරව ක්‍රියාත්මක නොවුනහොත් මුලු මොළයෙහිම ක්‍රියාකාරීත්වයට ලොකු බාධාවක් වෙන්වා ඒක.
 |
source : www.contrib.andrew.cmu.edu |
අපි මුලින්ම සැලකුවානේ අපේ මොළය හරියට පරිගනකයක් වගේ කියලා. ඔව් ඒක ඇත්ත. නමුත් එක් පරිගනකයකට සමාන කරන්න නම් අපහසුයි. හරියට විවිද කාර්යයන් කීපයකට වෙන වෙනම සකස් වෙල එකිනෙකට සම්බන්ද කරපු පරිගනක කීපයක් වගේ. ඉතින් මේ එක් කොටසක් හරි නිසියාකාරව ක්‍රියාත්මක නොවුනහොත් සමහර විට ඒ කොටස පමණක් අක්‍රීය වෙන්න පුලුවන්. එහෙමත් නැතිනම් මුලු මොලයම හෝ කොටස් කීපයක් හෝ අක්‍රීය වෙන්නත් පුලුවන්.
ඉතින් දැන් අපි දන්නවා අපේ මේ මනස එහෙමත් නැතිනම් මොළය කියන්නෙ එකිනෙකට සම්බන්ද උන කොටස් කීපයක එකතුවක් කියල. ඉතින් මේක හරියට ජාලයක් වගේ. මේ ජාලය තුල සම්ප්‍රේෂනය නම් ඉතාමත් පහසුවෙන් සිදු වෙන බව අපි දැනටමත් දන්නව. එහෙනම් අපි බලමු කොහොමද මේ ජාලය එහෙමත් නැතිනම් අපේ මේ මොළය කොහොමද පිටතට සම්බන්ඳ වෙන්නේ කියලා අපගේ ඊලඟ ලිපිය තුලින්.
No comments:
Post a Comment