අපිට පුලුවන් නම් හැමදාම සතුටින් ඉන්න. කිසිම ලෙඩක් දුකක් නැතුව නිරෝගී වෙන්න. හිතන හැමදේම කරන්න පුලුවන් නම්. ජීවිතේ කොච්චර ලස්සන වෙයිද? ජීවිතේ කොච්චර සාර්ථක වෙයිද නේ?
අපිට පුලුවන් ඒ දේ කරන්න. අපිට පුලුවන් අපිට අවශ්‍ය ඕනම දෙයක් කරන්න.අවශ්‍ය හැමදෙයක් ම කරන්න.
හිතන්න,, අපිට යමක් දකින්න පුලුවන් වෙන්නෙ අපිට ඇසක් තිබුනොත් විතරමද? අපිට ඇසක් තිබුනොත්, යමක් දකින්න ඒ දේ ප්‍රමාණවත් ද? හිතල බලන්න. අපිට ඇස නැති උනොත් මොනවහරි දකින්න පුලුවන් වෙයි ද කියල.
ඔව්...පුලුවන්..ඇයි අපි හැමදාම වගේ දකින සිහින...සිහින දකින්න ඇසක් ඕනද? අන්ද අය සිහින දකින්නෙ නැද්ද?
හැබැයි අපිට මනසක් තිබුනෙ නැතිනම්. ඇස් සීයක් තිබුනත් වැඩක් වෙයිද? නැහැ නේද? ඉතින් අපි මේ දකින හැම දෙයක්ම දකින්නෙ මනසින් නෙමේද? ඉතින් එහෙනම් අපි අපේ මනස අපිට ඕන විදියට පාලනය කලොත්! අපිට ඕන දේ දකින්නත් පුලුවන් වෙයි නේද?
මිනිසා ලොව බුද්ධිමත්ම සත්වයා ලෙස සලකනව. අද වන විට මිනිසාට අන් සියලු සතුන් කරන දේ අනුකරණය කරන්න පුලුවන්. මේ සියලු දේ අද විද්‍යාව මත පදනම් වෙලා තියෙනවා. නමුත් විද්‍යාව කියන්නෙ මොකද්ද? විද්‍යාව කියන්නෙ මිනිසා විසින් කල සොයගැනීම් වල එකතුවක්. එහෙම නැත්නම් නිර්මාණ වල එකතුවක්. මේ සියල්ල කරන්න මිනිසාට පුලුවන් උනේ කොහොමද?
බුද්ධිය...මිනිසා තම කල්පනා ශක්තිය මෙහෙයවල, එහෙම නැත්නම් තර්ක ශක්තිය හා හැකියාව මෙහෙයවල කරපු දේවල්.
එතකොට අද වෙනකොට මුලු ලෝකෙම රඳා පවතින විද්‍යාව බුද්ධියේ, එහෙම නැත්නම් මනසෙ ප්‍රතිඵලයක් නේද? ඒ කියන්නෙ ඒ දේටත් ප්‍රධාන වෙලා තියෙන්නෙ අපේ මේ මනස මයි නේද?
එහෙනම් අපි මේ මනස ගැන ටිකක් හොයල බලමු.
ඊළඟ ලිපියෙන් හමුවෙමු...
great beginning frnd,,,,,,keep it up,,,,,,,
ReplyDeletethnx thara...
ReplyDelete